• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019-10-01 සිට 2020-06-30 දක්වා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
- 2019-10-01 සිට 2020-06-30 දක්වා මාස නවයක (09) කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s Emirates National Oil Company Pte. Ltd., Singapore වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.