• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020-01-01 සිට 2020-08-31 දක්වා මර්බන් බොර තෙල් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
- 2020-01-01 සිට 2020-08-31 දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000ක් මිලදී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s B.B. Energy (Asia) Pte. Ltd., Singapore වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.