• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධයකින් ලත් දේපළ පනත
- මෑත කාලීනව ඇති වූ සංවිධානාත්මක අපරාධ, අන්තර්ජාතික වශයෙන් ව්‍යාප්ත වූ අපරාධ සහ බරපතළ ආර්ථික සහ මූල්‍ය අපරාධ විශාල වශයෙන් ඉහළ යෑම හේතුවෙන් එවැනි අපරාධ අවම කිරීම නැතහොත් මුලිනුපුටා දැමීම සහ අපරාධයකින් ලත් දේපළ අත්පත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වේ. එම නිසා, රජය විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් අපරාධයකින් ලත් දේපළ පිළිබඳ යෝජිත පනත සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක කාර්ය රාමුවක් සංවර්ධනය කර ඇති අතර, එම කාර්ය රාමුව මඟින් යෝජිත පනත සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සපයා ඇත. ඒ අනුව, අපරාධයකින් ලත් දේපළ පිළිබඳ යෝජිත පනතේ ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක කාර්ය රාමුවෙහි අඩංගු සංකල්ප සහ අන්තර්ගත කරුණු බලාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.