• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක කටයුතු සඳහා බදු පදනම මත දුම්රිය සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සේවා සපයන්නන් ප්‍රසම්පාදනය කිරීම
- සංචාරක කටයුතු සඳහා බදු පදනම මත දුම්රිය සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්තු පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මහනුවර මාර්ගයේ සුඛෝපභෝගී මගී මැදිරි සේවාව දැනට ක්‍රියාත්මක වන නමුදු, බදුල්ල, උතුරු, නැඟෙනහිර සහ දකුණ යන මාර්ගවල දැනට එම සේවාව ක්‍රියාත්මක නොවේ. එබැවින්, මගී අවශ්‍යතා සහ වත්මන් ඉල්ලුම සැලකිල්ලට ගෙන, දැනට සුඛෝපභෝගී සේවාවන් ක්‍රියාත්මක නොවන මෙම මාර්ගවල වසර 05ක කාලයක් තුළ සුඛෝපභෝගී මගී මැදිරි ක්‍රියාත්මක කිරීමට තරඟකාරි පදනම මත කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම සඳහා ලංසු කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.