• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව (ADB) ණය ආධාර සපයනු ලබන තිරසර නාගරික සංවර්ධන ව්‍යපෘතියේ පැකේජ 3 : කුරුණෑගල, රත්නපුර, දඹුල්ල හා ත්‍රිකුණාමලය යන නගරවල පරිසර කළමනාකරණ සේවා සඳහා වන සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන කාර්යයන් සිදුකිරීම වෙනුවෙන් උපදේශකවරුන් බඳවාගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක කරනු ලබන තිරස‍ර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ 3වන පැකේජය යට‍තේ කුරුණෑගල, රත්නපුර, දඹුල්ල හා ත්‍රිකුණාමලය යන නගරවල පරිසර කළමනාකරණ සේවා සඳහා වන සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන කාර්යයන් වෙනුවෙන් උපදේශන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි WAPCOS Limited, India sub Consultant with Summit Engineering Service and Consultants (Pvt) Ltd., Sri Lanka සහ Project Management Associate International (Pvt) Ltd., Sri Lanka වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.