• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශක සේවා ලබා ගැනීම සඳහා ඉල්ලීම
- ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය, රිදියගම සෆාරි උද්‍යානය සහ ගෝනපොළ ගොවිපොළ ආදී ආයතනවල මූලික සැකසුම් සකස් කිරීම උදෙසා මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන වෙතින් උපදේශක සේවා ලබාගෙන තිබේ. එම සියලු ඉදිකිරීම් කාර්යයන් 2022 වර්ෂය අවසානයේ නිම කිරීමට අපේක්ෂා කර ඇති බැවින් අදාළ ඉදිකිරීම් කාර්යයන්ගේ ස්වභාවය, සංකීර්ණත්වය හා මෙම විෂය පථය සම්බන්ධයෙන් අදාළ ආයතන සතු පළපුරුද්ද හා අත්දැකීම් මත පදනම් ව එකී ඉදිකිරීම් සඳහා උපදේශක සේවා එම ආයතන වෙතින් ම ලබා ගැනීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.