• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය
- අදාළ සියලුම පාර්ශ්වයන් විමසමින් සංශෝධිත ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියක් සකස් කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, අනාගතයේ දී ළමයින්ට සුරක්ෂිත හා හිංසනයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කොට සකස් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.