• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී හැර අනෙකුත් බෝග වගාවන් සඳහා පොහොර සහනාධාර වැඩසටහන යටතේ යූරියා (අමතර පොහොර ප්‍රමාණයන්) ආනයනය කිරීම
- රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ 2019 වර්ෂය සඳහා යූරියා පොහොර අවශ්‍යතාවය වී වගාව සඳහා මෙට්‍රික්ටොන් 238,200ක් ලෙසත් අනෙකුත් භෝග වගාවන් සඳහා මෙට්‍රික්ටොන් 170,000ක් ලෙසත් මීට පෙර හඳුනාගෙන ඇත. නමුත් 2018 මහ කන්නයේ වගා ප්‍රමාණයට සාපේක්ෂව 2019 මහ කන්නයේ වගා ප්‍රමාණය ඉහළ යාමට බොහෝදුරට හැකියාවක් පවතින බවට නිරීක්ෂණය වී ඇති බැවින්, රට තුළ යූරියා පොහොර හිඟතාවයක් ඇති වීම වැළැක්වීම පිණිස ඉදිරි මාස කිහිපය සඳහා වී හැර වෙනත් භෝග වගාවේ අවශ්‍යතාවයන් සඳහා අමතර යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.