• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කල්තොට පොලිස් ස්ථානය පිහිටා ඇති ඉඩම හා ගොඩනැඟිලි ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා දීම
- වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් භුක්ති විඳින ලද බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්තොට ග්‍රාම නිලධාරි වසමේ පිහිටි රජයේ බිම් කොටසක් සහ එම භූමියේ පිහිටි ගොඩනැඟිලි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා දීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.