• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල පිහිටි අක්කර 02 රූඩ් 03 පර්චස් 34.51ක් වූ ඉඩමක් සීමාසහිත ශ්‍රී ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගම වෙත පවරා දීම
- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මේ වන විට මුතුරාජවෙල වැලි පිරවුම් ප්‍රදේශයේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු අක්කර 100ක ඉඩමක තෙල් ටැංකි සංකීර්ණයක් ඉදි කරමින් පවතියි. එම පරිශ්‍රය වෙත දිනපතා පැමිණෙන ටැංකි රථ විශාල සංඛ්‍යාව නවතා තැබීම හා අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් අක්කර 2 රූඩ් 03 පර්චස් 34.51ක් වූ බිම් කොටසක් සීමාසහිත ශ්‍රී ලංකා ඛනිජ තෙල් පර්යන්ත සමාගම වෙත විකිණීම මඟින් පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.