• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට නියමිත ෆ්ලෙමිං අරමුදල සඳහා අනුමැතිය ලබා ගැනීම
- බහු අංශ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය ශක්තිමත් කිරීම සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී භාවිතය සෝදිසි කිරීම අරමුණු කොටගෙන, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධයේ ප්‍රමුඛතා ආමන්ත්‍රණය කිරීමට ආසියාවේ සහ අප්‍රිකාවේ රටවලට උපකාර කිරීම සඳහා එක්සත් රාජධානි රජය මඟින් ආධාර සපයන වැඩසටහනක් වන ෆ්ලේමිං අරමුදල මඟින් ප්‍රදානයක් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ එක්සත් රාජධානියේ, මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.