• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර සහ ලෝහමය හා පීවීසී වර්ගයේ ජලය ලබා ගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව සඳහා නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම
- ජල පාරිභෝගිකයන් විසින් ප්‍රමිතියෙන් තොර උපාංග භාවිතා කිරීම හේතුවෙන් ජලය විශාල ප්‍රමාණයක් කාන්දු වීම නිසා අපතේ යන බවත්, ගුණාත්මක බවින් අඩු, ප්‍රමිතියෙන් තොර ජල උපාංග දේශීය වෙළඳ පොළට ඇතුළු වීම වැළැක්වීම සඳහා නියාමනය කළ යුතු ජල උපාංග කාණ්ඩ ගණනාවක් ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, පාරිභෝගිකයාට, දේශීය ජල උපාංග නිෂ්පාදකයන්ට මෙන් ම පාරිසරික වශයෙන් ද ප්‍රතිලාභ ලැබෙන පරිදි, ප්‍රධාන රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කොට, මහජනතාවගේ හා පාර්ශ්වකරුවන්ගේ ද අදහස් මත පදනම් ව, සනීපාරක්ෂක කොමෝඩ, ජල කුටීර සහ ලෝහමය හා පීවීසී වර්ගයේ ජලය ලබා ගැනීමේ කරාම හා නැවතුම් වෑල්ව යන ජල උපාංග කාණ්ඩ සඳහා හඳුනාගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.