• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම මගින් ලබා දෙන පහසුකම් පුළුල් කිරීම
- ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහන රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස රජයේ අනෙකුත් සංවර්ධන වැඩසටහන් සමග ඒකාබද්ධව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වේගවත්ව ක්‍රියාත්මක වන අතර 2019 අගෝස්තු 31 දින වන විට රුපියල් මිලියන 70,000 කට අධික ණය මුදල් ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 40,240 ක් අතර බෙදා දී ඇත. මෙම වැඩසටහන තුළ අන්තර්ගත සමස්ත මූල්‍ය හා මූල්‍ය නොවන යෝජනා ක්‍රම 22 අතුරින් ‘මගේ අනාගතය’ ණය යෝජනා ක්‍රමය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගෙන් ඔබ්බට පුළුල් කරමින්, ‘මාධ්‍ය අරුණ’ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ කාලය 2019-07-02 දින සිට 2020-12-31 දින දක්වා දීර්ඝ කරමින් සහ ‘රන් අස්වැන්න’, ‘ගොවි නවෝදා’, ‘ජය ඉසුර’, ‘දිරි සවිය’, ‘හරිත ණය’ හා ‘විශේෂ කාරක ප්‍රාග්ධන’ යන ණය යෝජනා ක්‍රම යටතේ ලබා දෙන ඇප සුරැකුම් යෝජනා ක්‍රමයට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ඇතුළත් කරමින් එම ණය යෝජනා ක්‍රමය සංශෝධනය කොට එම ණය ලබා දීම මගින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත්, ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දීමට සිදු වන තාක්ෂණික හා ප්‍රායෝගික ගැටලු අවම කිරීම සඳහාත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.