• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද - කළුගඟ මහවැලි ‘එෆ්’ කලාපය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදු කරන තිරසර සංවර්ධන කලාපයක් ලෙස නම් කිරීම
- මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාව ලග්ගල පල්ලේගම ප්‍රදේශයේ පදිංචි කර මහවැලි 'එෆ්' කලාපය නම් වූ නව කලාපයක් ආරම්භ කර ඇති අතර එය නීල හරිත සංකල්පය යටතේ බිහිවූ ගම්මානයක් බවට ද පත්ව ඇත. මෙම ප්‍රදේශයේ පදිංචි කරවන ලද ජනතාවට ගොවිතැන් කටයුතු සහ පානීය ජල අවශ්‍යතාව සඳහා, කිසිදු මිනිස් වාසයකින් තොර නකල්ස් කඳු පන්තිය හරහා ගලා එන ජලය සහිත කළුගඟ ජලාශය මඟින් ජලය ලබා දෙන අතර එම කලාපය කාබනික පොහොර භාවිතයෙන් පමණක් සහ පිරිසිදු ජලය භාවිතයෙන් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සුදුසු ප්‍රදේශයක් ලෙස ද හඳුනාගෙන ඇත. එබැවින්, මොරගහකන්ද කළු ගඟ වම් හා දකුණු ඉවුරු ජනාවාස කලාපය හෙවත් මහවැලි ‘එෆ්’ කලාපය වස විසෙන් තොර කෘෂිකාර්මික නිෂ්පාදනයන් සිදු කරන තිරසර සංවර්ධිත කලාපයක් ලෙසත්, කළු ගඟ හා අඹන් ගඟ ඉහළ ජලාධාර ප්‍රදේශය වස විසෙන් තොර වූ ජලය සහිත සහ කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකාර්මික කටයුතු සිදු කරන ප්‍රදේශයක් ලෙසත් ප්‍රකාශයට පත් කිරීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.