• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- පරිසරය ආරක්ෂා කර ගනිමින්, ස්වභාවික සම්පත් තිරසරව කළමනාකරණය කරමින් සහ අඩු සම්පත් භාවිතා කොට වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් ලබා ගනිමින් ආර්ථික සංවර්ධනය සහ සමාජ සුබසාධනය වැඩිදියුණු කිරීම තිරසර පරිභෝජනයේ සහ නිෂ්පාදනයේ අරමුණු වේ. තිරසර නොවන සංවර්ධනයේ අහිතකර බලපෑම් නිරීක්ෂණය කර, ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තරය සමග එක් වෙමින්, තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ සම්මුතීන් ගණනාවකට එකඟත්වය පළ කර ඇත. ඒ අනුව, තිරසර පරිභෝජනයේ සහ නිෂ්පාදනයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ක්‍රියාත්මක කිරීම පිණිස සකස් කර මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කර ඇති තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.