• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල ස්ථාපිත කිරීම
- විවිධ හේතූන් නිසා අසරණ භාවයට පත්ව සිටින දරුවන්ට නිසි මඟ පෙන්වීම, රැකවරණය හා අවශ්‍ය සම්පත් ලබා දීමේ අරමුණ සහිතව 'දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල' නම් වූ භාරය, අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2019 ඔක්තෝබර් මස 01 දින ආරම්භ කර ඇත. ලෝක ළමා දිනය යෙදුන එදින පරිත්‍යාගශීලීන් විසින් රුපියල් මිලියන 17ක මුදලක් එකී භාර අරමුදලට ප්‍රදානය කර තිබේ. තව දුරටත් එකී අරමුදල තර කිරීම සඳහා, ස්වේඡාවෙන් දායක වීමට කැමති අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සහ රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සංස්ථාවන්හි සේවයේ නියුතු නිලධාරීන්ගෙන් එක් දිනක වැටුප අරමුදලට පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.