• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුරු සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සංවෘත සේවාවන් බවට පත් කිරීම හා සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීම
- ගුරු හා විදුහල්පති සේවාවන් සඳහා සාධාරණ වැටුප් තලයන් ලබා දීමේ පළමු පියවර ලෙස ගුරු සේ‍වය සංවෘත සේවාවක් බවට පත් කිරීමට සහ එම සේවය සඳහා සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී ඇත. එසේ වුවද, ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීමට හා එම සේවාවන් සඳහා සුදුසු වැටුප් ව්‍යුහයන් සකස් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවින්, අතුරු යෝජනාවක් ලෙස රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වූ විශේෂ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති 'ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිරීක්ෂණ හා යෝජනා' ඇතුළත් වාර්තාවේ සඳහන් අතුරු වැටුප් යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.