• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාංශය පිහිටුවීම
- ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් පැනනැඟී ඇති අතර, එම කාර්යය සඳහා තනි ආයතනයක් පැවතී‍මේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණය සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාංශය යනුවෙන් ආයතනයක් මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීමටත්, රාජ්‍ය ණය කළමනාකරණ පනතක් කෙටුම්පත් කිරීමට සහ යෝජිත කාර්යාංශය පිහිටුවීම සඳහා ආයතනික රාමුවක් සංවර්ධනය කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල රාජ්‍ය ණය කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කිරීමටත්, මෙම කාර්යයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිසත්, මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.