• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයන් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
- පාරිභෝගික ජනතාවට සහ දේශීය ගොවීන්ට සහන සැලසීමේ අරමුණින් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කර ඇති 2019 අගෝස්තු මස 01 දිනැති අංක 2134/44 දරන අති විශෙෂ ගැසට් නිවේදනය, 2019 අගෝස්තු මස 08 දිනැති අංක 2135/54 දරන අති විශෙෂ ගැසට් නිවේදනය, 2019 අගෝස්තු මස 10 දිනැති අංක 2135/67 දරන අති විශෙෂ ගැසට් නිවේදනය, 2019 සැප්තැම්බර් මස 07 දිනැති අංක 2139/74 දරන අති විශෙෂ ගැසට් නිවේදනය, 2019 සැප්තැම්බර් මස 10 දිනැති අංක 2140/20 දරන අති විශෙෂ ගැසට් නිවේදනය, 2019 සැප්තැම්බර් මස 30 දිනැති අංක 2143/3 දරන අති විශෙෂ ගැසට් නිවේදනය සහ 2019 ඔක්තෝබර් මස 02 දිනැති අංක 2143/21 දරන අති විශෙෂ ගැසට් නිවේදනය යන ගැසට් නිවේදන 07 සහ 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ ආනයන තීරුබදු සංශෝධනයන් ඇතුළත් 2019 සැප්තැම්බර් මස 10 දිනැති අංක 2140/19 දරන අති විශෙෂ ගැසට් නිවේදනය හා 2019 සැප්තැම්බර් මස 27 දිනැති අංක 2142/87 දරන අති විශෙෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.