• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අංශයේ පවතින රැකියා සහ පුහුණු අවස්ථා පිළිබඳව තොරතුරු 'ස්මාර්ට් ශ්‍රී ලංකා' ආයතනය හරහා පළ කිරීම තුළින් තරුණ විරැකියාව අවම කිරීම
- වෘත්තීය මාර්ගෝපදේශන කාර්යයන් ජාතික වශයෙන් සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීමත්, අදාළ නිලධාරීන් නිරන්තරයෙන් පුහුණු කිරීමත්, නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කර රැකියා පාඨමාලා, වෘත්තීන් හා ව්‍යාපාර තොරතුරු ඇතුළත් මෘදුකාංග නිර්මාණය සහ සංවර්ධනය කිරීමත් 'ස්මාර්ට් ශ්‍රී ලංකා' ආයතනයෙහි ප්‍රධාන අරමුණ වේ. ඒ අනුව, රජයේ ගැසට් පත්‍රය මගින් නිවේදනය කරනු ලබන රැකියා අවස්ථා ඇතුළු ව රජයේ සියලු අමාත්‍යාංශ සහ ඒ යටතේ පවතින ආයතනවල ඇති රැකියා අවස්ථා, බඳවාගැනීම් නිවේදන, රජයේ සියලු අමාත්‍යාංශ සහ ඒ යටතේ පවතින ආයතන, රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන විසින් ව්‍යාපාරිකයන්, ව්‍යාපාරික ආයතන හා ස්වයං රැකියා සඳහා ලබා දෙන විශේෂ ණය යෝජනා ක්‍රම හා තාක්ෂණික සහායක සේවාවන්, දේශීය හා විදේශීය ව්‍යවසායකත්ව අවස්ථා පිළිබඳ තොරතුරු, රජයේ අමාත්‍යාංශ හා සම්බන්ධ ආයතන විසින් ලබා දෙන වෘත්තීමය හා පුහුණු අවස්ථා ආදී තොරතුරු 'ස්මාර්ට් ශ්‍රී ලංකා' මෘදුකාංගය තුළ පළ කිරීමටත්, රජයේ විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් සහ කාර්මික විද්‍යාල සහ වෘත්තීමය හා වෘත්තීය පුහුණු ආයතනවලන් පිට වන පුහුණුලාභීන් මෙම මෘදුකාංගයෙහි ලියාපදිංචි කිරිමට අදාළ ආයතනවල වෘත්තීය මාර්ගෝපදේශන ඒකක සමග ඒකාබද්ධව කටයුතු කිරීමට 'ස්මාර්ට් ශ්‍රී ලංකා' ආයතනයට බලය පැවරීමටත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.