• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සක්‍රීය කළ සාන්ද්‍ර ප්‍රෝත්‍රොම්බින් සංකීර්ණ එන්නතෙන් 500අයියූ වයල්ස් 3,250ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හිමොෆීලියා රෝගීන්ගේ රුධිර වහනය වැළැක්වීමේ ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන සාන්ද්‍ර ප්‍රෝත්‍රොම්බින් සංකීර්ණ එන්නතෙන් 500අයියූ වයල්ස් 3,250ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව ස්විට්සර්ලන්තයෙහි, M/s Baxalta GmbH වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.