• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම හා ඒ සඳහා විශේෂිත හා අනන්‍ය වූ වැටුප් ව්‍යූහයක් හඳුන්වා දීම
- දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කිරීම සහ සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, වැඩබලන ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟිය හැකි ප්‍රයෝගික ගැටලු හා ඒවා අවම වන ආකාරයට එකී යෝජනා ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.