• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදු අභියාචනා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම
- 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ ස්ථාපනය කොට ඇති බදු අභියාචනා කොමිෂන් සභාව හමුවේ මේ වන විට රුපියල් බිලියන 63 ක වටිනාකමක් සහිත අභියාචනා 495 ක් පවතින බැවින් අභියාචනා විසඳීම සඳහා වන මූල මණ්ඩල සංඛ්‍යාව වැඩි කිරීම සුදුසු බව හඳුනාගෙන ඇත. කෙසේ වුව ද, කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීමකින් තොර ව මූල මණ්ඩල සංඛ්‍යාව වැඩි කළ නොහැකි වීම, කොමිසමේ සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරුන්ගේ සේවය ලබාගැනීම අසීරු වීම ආදී හේතූන් මත ඒ සඳහා බාධා ඇති ව ඇති බැවින් බදු අභියාචනා කොමිෂන් සභාවට පත් කරනු ලබන සාමාජිකයින් සංඛ්‍යාව නවය (09) සිට දොළහ (12) දක්වා වැඩි කිරීමට, පත් කළ යුතු මූල මණ්ඩල සංඛ්‍යාව තුන (03) සිට හතර (04) දක්වා වැඩි කිරීමට සහ සාමාජිකයන් දොළොස් දෙනා අතුරින් හතර දෙනෙකු ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරුන්ගෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හෝ ඊට ඉහළ තනතුරක් දැරූ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතරින් පත් කිරීම සඳහා ප්‍රතිපාදන සැලසීමට සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ නිකුත් කළ තක්සේරුවලට එරෙහිව අභියාචනා කිරීමට හෝ විමසීමට බදු අභියාචනා කොමිෂන් සභා පනතේ විධිවිධාන නොමැති හෙයින් ඒ සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් බදු අභියාචනා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.