• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තීරු බදු නොවන වෙනත් බදු වර්ග තාර්කීකරණය
- වාර්ෂිකව රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහාත්, ආනයන නිසා ඇති වන තරගකාරිත්වයෙන් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහාත් පනවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, සෙස් බද්ද ඇතුළු තීරු බදු නොවන බදු හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත්, දේශීය නිෂ්පාදන සඳහා ආර්ථික තරගකාරිත්වය අඩු වීම හේතුවෙන් ඒවායේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව අඩු වීමත් සිදු වේ. එකී බදු ජාත්‍යන්තර වෙළඳාමට බාධාවක් ලෙස සැලකෙන අතර, සැබැවින්ම ආර්ථිකයේ හොඳ විභවතාවයක් ඇති අංශ වෙත ආයෝජන යොමු වීමට ද බාධාවක් වේ. එබැවින්, සැබැවින්ම ආරක්ෂණය ලබා දිය යුතු නිෂ්පාදන හා කර්මාන්ත රැකෙන බවට වගබලා ගන්නා අතරම ක්‍රමානුකූලව එකී බදු අදියරගතව ඉවත් කිරීම සඳහා පස් අවුරුදු (2020 2024) උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. නිෂ්පාදන පිරිවැයට අඩු මිලකට මෙරටට භාණ්ඩ ගලා ඒම වැළැක්වීම සඳහා පනවා ඇති ප්‍රපාතන විරෝධී, ප්‍රතිතෝලන බදු ආදී ආරක්ෂණ පියවරවල් මඟින් දේශීය කර්මාන්තවලට අවශ්‍ය ආරක්ෂාව සැලසෙනු ඇත.