• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රේගු ආඥාපනතේ (235 වන අධිකාරය) 69 වන වගන්තිය අනුව පෞද්ගලික රේගු බන්ධිත ගුදම් නියම කිරීම සඳහා වන ප්‍රතිපත්තිමය රාමුව
- 2016 වර්ෂයේ සිට පොදු රේගු බන්ධිත ගුදම් සඳහා ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වේ. තව ද, 2016 අයවැය යෝජනා අනුව අලුතින් ස්ථාපිත කරන පොදු හෝ පෞද්ගලික ඕනෑම බන්ධිත ගුදමක් සඳහා අවම වශයෙන් වර්ග අඩි 50,000 ක් තිබිය යුතු අතර පවතින ගුදම් ද එම අවශ්‍යතාවට අනුව සකස් විය යුතු වේ. කෙසේ වුව ද, ව්‍යාපාරයේ ස්වභාවය අනුව වර්ග ප්‍රමාණය තීරණය විය යුතු බව දක්වමින් බන්ධිත ගුදම් හිමිකරුවන් හා පෞද්ගලික ගුදම් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයන් විසින් ඒ සඳහා අකැමැත්ත ප්‍රකාශ කර ඇත. ඒ අනුව, අදාළ වර්ග අඩි ප්‍රමාණය පිළිබඳ සීමාව පොදු රේගු බන්ධිත ගුදම් සඳහා පමණක් තවදුරටත් වලංගු වන සේ, පෞද්ගලික රේගු බන්ධිත ගුදමක තිබිය යුතු වර්ග ප්‍රමාණය රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් ව්‍යාපාරයේ ස්වභාවය අනුව තීරණය කළ හැකි වන පරිදි සහ පළාත් පාලන ආයතනවල අවශ්‍යතාවන්ට අනුව ගුදම් ඉදි කළ යුතු වන පරිදි රේගු ආඥාපනතේ (235 වන අධිකාරය) 69 වන වගන්තිය යටතේ පෞද්ගලික රේගු බන්ධිත ගුදම් නියම කිරීම සඳහා සකස් කර ඇති ප්‍රතිපත්තිමය රාමුව බලාත්මක කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.