• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපති වාර්තාව - 2017
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (3) වගන්තියේ සඳහන් විධිවිධාන සමඟ කියවිය යුතු 1978 අංක 07 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 9(2) වගන්තිය අනුව 2017 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ ජනාධිපතිවරයාගේ අරමුදල විගණකාධිපතිවරයා විසින් විගණනය කර ඇත. ඒ අනුව, ඒ සම්බන්ධ විගණකාධිපති වාර්තාව, එම අරමුදල් පනතේ 10වන වගන්තිය අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.