• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සංශෝධනය කිරීම
- 2008 අංක 10 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව මුද්දර ගාස්තු සමථයට පත් කරන ලද බලයලත් තැනැත්තන් විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට ප්‍රේෂණය කරනු ලබන මුද්දර ගාස්තු ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ වැරදීමකින් ගෙවා ඇති විට එම මුදල් ආපසු ගෙවන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වන අවස්ථා දක්නට ලැබෙන නමුත් එලෙස කරනු ලබන හිමිකම්පෑමක් අව්‍යාජ හා නීත්‍යානුකූල බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත් වුව ද, 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනතෙහි ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් ආපසු ගෙවීම් කළ නොහැකි වේ. එබැවින්, ඒ සඳහා ඉඩ සැලසෙන පරිදි 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.