• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතට අදාළ සංශෝධිත ප්‍රතිපත්ති කෙටුම්පත
- වඩාත් වගකීම් සහගත රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් පවත්වාගැනීම තහවුරු කිරීම සඳහා මාර්ගෝපදේශයක් වශයෙන් අනුගමනය කළ යුතු රාජ්‍ය මූල්‍ය ඉලක්ක හඳුන්වා දීමේ අරමුණින් 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සම්මත කරන ලදී. එකී පනතේ නිශ්චිතව සඳහන් කරන ලද පරිදි සමස්ත රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ (ද.දේ.නි.) ප්‍රතිශතයක් වශයෙන් 2006 වර්ෂය වන විට 85%ක මට්ටමකට හා 2013 වර්ෂයේදී 60%ක මට්ටමකට අඩු කරගැනීමටත්, අයවැය හිඟය ද.දේ.නි. ප්‍රතිශතයක් වශයෙන් 2013 වර්ෂය වන විට 5%ක මට්ටමකට පත් කරගැනීමටත් අපේක්ෂා කරන ලදී. එසේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකයට මුහුණ දීමට සිදු වූ විවිධ අභ්‍යන්තර හා ගෝලීය බලපෑම් හේතුවෙන් එම ඉලක්කයන් අත් කරගැනීමට නොහැකි වූ බැවින් එම ආර්ථික ඉලක්කයන් 2013 හා 2016 වර්ෂවලදී සංශෝධනය කරන ලදී. වර්තමාන රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් මත අයවැය හිඟය හා සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය ආර්ථිකයට ඔරොත්තු දෙන මට්ටමක පවත්වා ගත යුතු බැවින් ඒවා සඳහා අනිවාර්යයෙන් අනුගත විය යුතු රාජ්‍ය මූල්‍ය ඉලක්ක ප්‍රකාශයට පත් කරමින් මුල් පනත මඟින් දක්වා ඇති ඉලක්ක සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.