• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගෙලිඔය නාගරික බස් නැවතුම්පොළ හා ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීම
- නුවරඑළිය - කොළඹ ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබෙන ගෙලිඔය ප්‍රධාන බස් නැවතුම්පොළෙහි බස්රථ නවතා තැබීමට ප්‍රමාණවත් පහසුකම් නොතිබීම, මහජනතාවට, බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට අවශ්‍ය පහසුකම් නොමැති වීම, අවට මග දෙපස සිටින පදික වෙළඳුන් නිසා නගරයේ තදබදය තීව්‍ර වීම යන කරුණු සැලකිල්ලට ගෙන, නගරයෙහි අනාගත නාගරික සංවර්ධන කටයුතුවලට අවකාශ සැලසෙන අයුරින්, අවශ්‍ය පහසුකම්වලින් සමන්විත ව, එම බස් නැවතුම්පොළ සහ ආර්ථික මධ්‍යස්ථානයක් සඳහා මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 233.23 ක සමස්ත පිරිවැයක් දරා ඉදිකිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.