• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනත 13(18) වගන්තිය අනුව අනුබද්ධ සමාගමක් ලෙස පිහිටුවා තිබෙන මහවැලි උපදේශක සේවා කාර්යාංශය (පෞද්ගලික) සමාගම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරීම
- ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය 1998 වර්ෂයේදී ප්‍රතිව්‍යුහකරණයට ලක් කිරීමෙන් පසු සමාගම් රෙජිස්ට්‍රාර් පනත යටතේ සංස්ථාගත කර ඇති මහවැලි උපදේශක සේවා කාර්යාංශය (පෞද්ගලික) සමාගම, දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපෘතීන්හි සහ වාරි කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශන සේවා සැපයීම සහ රජයේ වෙනත් ආයතනයන්හි උපදේශන සේවා සැපයීම හා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම ආදී අරමුණු සහිත ව ක්‍රියාත්මක වේ. නීතිපතිවරයාගේ මතය අනුව ඈවර කිරීම සඳහා කටයුතු කරමින් පැවති මෙම සමාගම, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට උපදේශන සේවා සැපයීමට මෙන් ම ග්‍රාමීය කර්මාන්ත කටයුතු අංශවලට අදාළ කුඩා පරිමාණ ඉංජිනේරුමය ඉදිකිරීම් කටයුතු සඳහා ද ඵලදායී ලෙස යොදා ගත හැකි වන පරිදි එහි සියලු මූල්‍ය හා භෞතික වත්කම්, බැරකම්, කාර්යමණ්ඩලය, ගිවිසුම්ගතව ඇති උපදේශන සේවාවන්, දැනට සිදු කරන සියලුම ක්‍රියාකාරකම් සමඟ එම අමාත්‍යාංශය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි පැවරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා සහ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.