• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'දරු සම්පත' නමින් ලොතරැයිපතක් ආරම්භ කිරීම හා එහි ආදායම 'දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල' ට බැර කිරීම
- අසරණභාවයට පත් වූ දරුවන් හා විශේෂ දක්ෂතා ඇති දරුවන්ගේ සුබසාධනය හා ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉදිරිපත් වන ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2019 ඔක්තෝබර් 01 ජාත්‍යන්තර ළමා දිනයේදී, භාර ආඥාපනත යටතේ පිහිටුවන ලද 'දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල' ක්‍රමවත් ලෙස වර්ධනය කර ගත යුතු ව තිබේ. එබැවින්, සතියකට වරක් දිනුම් අදිනු ලබන ලොතරැයියක් ලෙස 'දරු සම්පත' ලොතරැයිපත ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් අලෙවි කොට එම ලොතරැයිය සඳහා වන පිරිවැය පියවා ගැනීමෙන් අනතුරුව අතිරික්තය මසකට වරක් 'දරුවන් සුරකිමු - ජාතික භාර අරමුදල' ට බැර කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික ලොතරැයි මණ්ඩලයට අනුමැතිය ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.