• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය' පිහිටුවීමේ පනත සම්මත කර ගැනීම
- නව්‍යකරණය සහ ව්‍යවසායකත්වය සම්බන්ධ විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කිරීමත්, පර්යේෂණ තුළින් සිදු කෙරෙන නව නිපැයුම් වාණිජකරණය වීම පහසුකර එමඟින් නිෂ්පාදන ක්ෂේත්‍රයට ප්‍රතිලාභ ලබා දීමත්, කාර්යය ද්වීකරණය හා අතිඡේදනයන් වළක්වා ගනිමින් ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු කිරීමත්, පුළුල් පරාසයකින් යුත් පාර්ශ්වකරුවන් විසින් සිදු කරන අදාළ ක්‍රියාකාරකම් සමාලෝචනය, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීමත්, මෙම ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධයෙන් වැඩසටහන් සැලසුම් කිරීම හා අයවැය ප්‍රතිපාදන ගැළපීමේදී මුදල් අමාත්‍යාංශයට සහය වීමත් යන ප්‍රධාන අරමුණු සහිත ව 'ජාතික නව්‍යකරණ නියෝජිත ආයතනය' පිහිටුවීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිස සහ ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.