• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 ඔක්තෝබර් මස 15 දින සිට 2020 ජූලි මස 14 දින දක්වා මාස 09ක කාලයක් තුළ පෙට්‍රල් (92 Unl) සහ පෙට්‍රල් (95 Unl) ඒකාබද්ධ නැව් තොග ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
- පෙට්‍රල් (92 Unl) බැරල් 1,924,000ක් සිංගප්පූරු ඛනිජ තෙල් සමාන්‍ය මිල හා බැරලයකට ප්‍රිමියම් අගය ඇමරිකානු ඩොලර් 3.456කට සහ පෙට්‍රල් (95 Unl) බැරල් 476,000ක් සිංගප්පූරු ඛනිජ තෙල් සමාන්‍ය මිල හා බැරලයකට ප්‍රිමියම් අගය ඇමරිකානු ඩොලර් 3.876කට, 2019 ඔක්තෝබර් මස 15 දින සිට 2020 ජූලි මස 14 දින දක්වා මාස 09ක කාලයක් තුළ ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s Vitol Asia Pte. Ltd., Singapore වෙත පිරිනැමීම පිණිස, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.