• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - උතුරු පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ 11ක් ප්‍රදානය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීම / වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු පැකේජ 11ක් අතුරින් පැකේජ 08ක් Maga Engineering (Pvt) Ltd. වෙතත්, පැකේජ 02ක් China National Technical Import and Export Corporation (China) in Joint Venture with R.R. Construction (Pvt) Ltd වෙතත්, එක් පැකේජයක් China State Construction Engineering Corporation Ltd., China වෙතත්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.