• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රම සංඛ්‍යාති පිළිබඳ සංඛ්‍යාලේඛනඥවරුන්ගේ 19වන අන්තර්ජාතික සමුළුවේ දී සම්මත කර ගන්නා ලද නව ශ්‍රමබල ප්‍රමිතීන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පිළිබඳව නියමු අධ්‍යයනයක් සිදු කිරීම
- ශ්‍රම සංඛ්‍යාති පිළිබඳ සංඛ්‍යාලේනඥවරුන්ගේ 19වන අන්තර්ජාතික සමුළුවේදී නිල ශ්‍රමබල සංඛ්‍යාති පිළියෙළ කිරීම සඳහා පැවැති ප්‍රමිතීන්ට සංශෝධන මාලාවක් සම්මත කරගෙන ඇති අතර, එම ප්‍රමිතීන් අන්තර්ජාතික ශ්‍රම සංඛ්‍යාති ප්‍රමිතීන් ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පාලන මණ්ඩලය විසින්ද අනුමත කර ඇත. ඒ අනුව, ලෝක බැංකුවේ මූල්‍ය ප්‍රදාන වශයෙන් ලැබෙන ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 212,000.00ක් යොදවා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හා ලෝක බැංකුවේ තාක්ෂණික සහයෝගයෙන් නව ශ්‍රමබල සංඛ්‍යාතීන් සඳහා වන ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පිළිබඳ නියමු අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.