• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තර නිර්මාණ සැලැස්ම සඳහා උපදේශක සේවා
- මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තර නිර්මාණ සැලැස්ම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, මේ සඳහා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩලය පත් කළ උපදේශක ප්‍රසම්පාදන කමිටුවෙහි නිර්දේශ මත, බද්ධ ව්‍යාපාර පාර්ශ්වකරුවන් වන IDOM Consulting, Engineering, Architecture, S.A.U (SPA) සහ Saman Corporation (KOR) හා උප උපදේශකයන් වන Resources Development Consultants Ltd. (SRI) වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.