• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 අගෝස්තු 15 දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා වන කාල සීමාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ CFM56-5B ගුවන් යානා එන්ජින් පිරිසැකසුම් කිරීම හා නඩත්තු කිරීමේ (MRO) සේවාවන් සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- ශ්‍රීලංකන් ගුවන් සේවය සතු ව පවතින CFM56-5B A320 ගුවන් යානා තුනක් සඳහා භාවිතා වන එන්ජින් 07 ක්, 2019 අගෝස්තු 15 දින සිට 2023 දෙසැම්බර් 31 දක්වා වන කාලසීමාව තුළ දී 10 වතාවක් පිරිසැකසුම් කිරීමට අපේක්ෂා කර ඇත. ඒ සඳහා සීමිත තරඟකාරී පදනමින් කැඳවා ඇති ලංසු අනුව තෝරාගෙන ඇති සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන GE Engine Services, LLC (GE) වෙත අදාළ කාර්යය ඉටු කිරීමේ ප්‍රසම්පාදනය ඇමරිකානු ඩොලර් 57,785,317 ක මුදලකට ප්‍රදානය කිරීමට මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.