• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අයවැය යෝජනා 400 අනුව ශ්‍රී ලංකා පොලීසියේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ යතුරු පැදි මිල දී ගැනීම
- ශ්‍රී ලංකා පොලීසියේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා 125 cc යතුරු පැදි 480 ක් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ මිල ගණන් කැඳවා මිල දී ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව කැඳවන ලද මිල ගණන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කර ඇති නිර්දේශය පරිදි, එක් යතුරු පැදියක් සියලු බදු ඇතුළත්ව රුපියල් 322,650/- ක් වන වටිනාකමකට යතුරු පැදි 480 ක් සී/ස ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලංකා ලිමිටඩ් වෙතින් මිල දී ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.