• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුද්‍රාශ්‍රිත මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
- ශ්‍රී ලංකාව සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ මුහුදු කලාපයේ ධීවර හා නාවික කටයුතුවල නිරත, අනතුරට පත් වන යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස වඩාත් කාර්යක්ෂම සෙවුම් සහ මුදාගැනීමේ සේවාවන් සැපයීමේ අරමුණ සහිතව සමුද්‍රාශ්‍රිත මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය, ප්‍රධාන පාර්ශවකරු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අනෙකුත් පාර්ශවකරුවන් ලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය කටයුතු කරමින් ක්‍රියාත්මක වීමට නියමිත ය. එම ව්‍යාපෘතිය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව, ඉන්දියානු රජය විසින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 06 ක ප්‍රදානය මගින් Bharat Electronic Limited (BEL) - India හරහා සිදු කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.