• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික හින්දු සභාව
- ජාතික ඒකාබද්ධතාව හා සහජීවනය ගොඩනැංවීම සඳහා වන රජයේ වැඩ පිළිවෙළට ශක්තියක් වීමත්, හින්දු ආගමික විශ්වාස, හින්දු සංස්කෘතිය හා හින්දු උරුමය දිස්ත්‍රික්ක මට්ටමින් හා ජාතික මට්ටමින් සුරක්ෂිත කිරීමත්, ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟිම සඳහා සමාජයේ අනෙකුත් ප්‍රජාවන් සමඟ සාමකාමීව කටයුතු කිරීමත් යන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලුම හින්දු ජන කණ්ඩායම් නියෝජනය වන පරිදි 'ශ්‍රී ලංකා ජාතික හින්දු සභාව' නමින් සභාවක් ස්ථාපනය කිරීම පිණිස, ජාතික ඒකාබද්ධතා, ‍රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.