• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිවේගී තැපැල් සේවය පිළිබඳ ආසියා පැසිෆික් කලාපීය වාර්ෂික සම්මන්ත්‍රණය
- 2019 වර්ෂයේ ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය පිළිබඳ ආසියා පැසිෆික් කලාපීය වාර්ෂික සම්මන්ත්‍ර‍ණය (EMS Symposium) ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. කෙසේ වුවද, 2019 අප්‍රේල් මස 21 දින මෙරට සිදු වූ ත්‍ර‍ස්ත ප්‍ර‍හාරය හේතුවෙන් යෝජිත සම්මන්ත්‍ර‍ණයට සහභාගි වන නියෝජිතයින්ගේ සහභාගිත්වය අඩු විය හැකි නිසා, එය මෙම වර්ෂයේදී වෙනත් රටක පැවැත්වීමට තීරණය වී ඇත. එබැවින්, උක්ත වාර්ෂික සම්මන්ත්‍ර‍ණය 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දීමටත්, එම වාර්ෂික සම්මන්ත්‍ර‍ණය 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා අනුමැතිය පිණිසත්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.