• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ කලාපීය විශේෂඥයින්ගේ උපදේශාත්මක හමුව: රාජ්‍ය පෞද්ගලික ගොවි සහභාගිත්වය
- සාර්ක් සංවිධානයේ සාමාජික රටවල් අතර විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණින් 'තිරසර කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ කලාපීය විශේෂඥයින්ගේ උපදේශාත්මක හමුව: රාජ්‍ය පෞද්ගලික ගොවි සහභාගිත්වය' යන වැඩමුළුව 2019 ඔක්තෝබර් මස 23 සිට 25 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.