• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම්පහ 'සියත' තෙත්බිම් උද්‍යානය ඉදිකිරීම
- 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ යක්කල - ගම්පහ පාරේ බණ්ඩාරනායක මහා විද්‍යාලය ඉදිරිපිට පිහිටි, ප්‍ර‍මාණයෙන් හෙක්ටයාර් 16ක් පමණ වූ අත්හැර දමන ලද කුඹුරු ඉඩම් කොටසක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතනවල අනුමැතිය මත පාරිසරික හා විනෝද කටයුතු ද ඇතුළත් තෙත්බිම් උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීම පිණිසත්, ව්‍යාපෘතිය සඳහා අත්කර ගන්නා ලද ඉඩම් ප්‍රමාණයෙන් 10%ක්, ව්‍යාපෘතිය නිසා ඉඩම් අහිමි වූ පුද්ගලයන්ට අවමය පර්චස් 06ක් වන පරිදි ව්‍යාපෘතිය තුළින් වෙන් කර දීම පිණිසත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.