• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොට්ටාව පිහිටි ඉඩමක් 99 අවුරුදු බදු පදනම මත ලබා දීම
- කොට්ටාව හයිලෙවල් පාරට මායිම්ව පිහිටි අක්කර 1 රූඩ් 1 පර්චස් 19.40ක ඉඩම් කොටසක් සුපිරි වෙළඳ මධ්‍යස්ථානයක්, සුඛෝපභෝගී සාප්පු, විනෝදාස්වාද කටයුතු හා මහල් නිවාස 80ක නේවාසික සංරචකයකින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මහරගම, නාවින්න, හයිලෙවල් පාර, අංක 310හි පිහිටි රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් ලිමිටඩ් වෙත අවුරුදු 99ක බදු පදනම මත පැවරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.