• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක භූමි පිරවුම් බැහැර කිරීමේ පහසුකම (අරුවක්කාලු) නිර්මාණය කිරීම, සැපයීම සහ ස්ථාපනය කිරීම/ඉදිකිරීම
- අරුවක්කාලුහි නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂක භූමි පිරවුම් බැහැර කිරීමේ පහසුකම නිර්මාණය කිරීමේ, සැපයීමේ සහ ස්ථාපනය කිරීමේ/ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව China Harbour Engineering Company Limited (CHEC) සහ Southwest Municipal Engineering and Research Institute of China (SEMEDRIC) අතර සමූහ ව්‍යාපාරය වෙත පිරිනමා ඇති අතර එම ව්‍යාපෘතියෙහි ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කාලසීමාව තුළ පැන නඟින අනපේක්ෂිත වියදම් සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් අගයෙන් 10%ක් වන ඇමරිකානු ඩොලර් 9,048,225.92ක් සහ ශ්‍රී ලංකා රුපියල් 162,293,621.11ක් වෙන් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.