• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලය සහ විදේශ විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතන අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම්
- උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීමේ හා පුළුල් කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය විසින් ස්විට්සර්ලන්තයේ සුරිච් විශ්වවිද්‍යාලය, චීනයේ හුබෙයි විශ්වවිද්‍යාලය, සහ චීනයේ ෂින්හුවා විශ්වවිද්‍යාලය සමඟ ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.