• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය කමිටුවේ වාර්තාව
- රාජ්‍ය අංශය තුළ දැනට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය විසින් ගත හැකි පියවර පිළිබඳ ව පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස 2019-09-27 දින පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු විධායක දීමනාව හිමි සියලුම නිලධාරින් සඳහා සේවා කාලය මත පදනම් ව ගෙවනු ලබන රු.3000/- සිට රු. 15,000/- අතර වූ විධායක දීමනාව, සේවා කාලය නොසලකා පොදුවේ රු. 15,000/- ක් ලෙස සංශෝධනය කර ගෙවීමත්, ගුරු හා විදුහල්පති සේවාවන් සඳහා සාධාරණ වැටුප් තලයන් ලබා දීම පිණිස ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීම සඳහා සහ සුදුසු වැටුප් ව්‍යූහයක් සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත්, දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීම සහ සුදුසු වැටුප් ව්‍යූහයක් සකස් කිරීම පිණිස අවශ්‍ය ඉදිරි පියවර ගැනීමත් සඳහා එකී අමාත්‍ය මණ්ඩල කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.