• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරු සම්මත ගිණුම - 2020
- 2019 නොවැම්බර් මස 16 දින මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින්, 2019-08-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, 2020 වර්ෂය සඳහා විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා තෙක්, 2020 ජනවාරි මස 01 සිට අප්‍රේල් මස 30 දක්වා මාස 04ක කාලය සඳහා රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුළත් කරමින් සකස් කරන ලද අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.