• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ප්‍රධාන බොරතෙල් ආසවන කුලුන, ඩීසල් සඳහා වූ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාකාරකය හා උත්ප්‍රේරක අඛණ්ඩ ප්‍රකෘතිමත්වීම් සහිතව පෙට්‍රල්වල ඔක්ටේන් අගය සකස් කරන ඒකකය ප්‍රතිස්ථාපනය කිරීම
- සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ප්‍රධාන බොරතෙල් ආසවන කුලුන, ඩීසල් සඳහා වූ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාකාරකය හා උත්ප්‍රේරක අඛණ්ඩ ප්‍රකෘතිමත්වීම් සහිතව පෙට්‍රල්වල ඔක්ටේන් අගය සකස් කරන ඒකකය ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රථම අදියර වශයෙන් මූලික ඉංජිනේරු සැලසුම් සකස් කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව UOP LLC, USA ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.