• Increase font size
  • Default font size
  • Decrease font size

2019-10-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය සතුව ඇති ඛනිජ තෙල් දත්ත මිලකරණය / නැවත මිලකරණය
- අනාගත බලපත්‍ර වටයන් පැවැත්වීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් මන්නාරම් ද්‍රෝණියේ M2 බිම් කොටසේ අලුතින් ලබාගත් ඛනිජ තෙල් දත්තවල මිල නියම කළ යුතුව ඇති අතර මන්නාරම්, කාවේරි සහ ලංකා ද්‍රෝණිවල ඇති පැරණි දත්ත නැවත මිල කළ යුතුව ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ අනුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය සතුව ඇති දත්ත මිල නියම කිරීම හා නැවත මිල නියම කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.